මෙල්බන් විශ්ව විද්‍යාලය තුළ වසර 10 ක කාලයක් තිස්සේ අඩු වැටුප් ලැබූ සේවකයන් 25,000 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 72 ක හිඟ වැටුප් ආපසු ගෙවීමට තීරණය කර තිබෙනවා.
විශ්ව විද්‍යාලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ Fair Work Ombudsman සමග ඇති කරගත් ගිවිසුමට අනුකූලව බවයි සදහන් වන්නේ.
ඒ අනුව 2023 වසරේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 14 දෙනෙකුට අඩු වැටුප් ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් Fair Work Ombudsman විසින් මෙල්බන් විශ්ව විද්‍යාලයට එරෙහිව ගනු ලැබූ නීතිමය පියවර ද ඉවත් කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
Fair Work Ombudsman ඇනා බූත් විසින් ප්‍රකාශ කර ඇත්තේ ගෙවීමට ඇති ඩොලර් මිලියන 72 න් සැලකිය යුතු මුදලක් 2020 වසරේ සිට මේ දක්වා විශ්ව විද්‍යාලය විසින් ගෙවා ඇති බවයි.
එම ගෙවීම් අතරට 2022 වසරේදී විශ්ව විද්‍යාලීය වෙනත් සේවකයන් සදහා ගෙවනු ලැබූ ඩොලර් මිලියන 22 මුදලද ඇතුළත් බවයි එහි සදහන් වන්නේ.
2014 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ඇති වූ මෙම අඩු වැටුප් ගෙවීම් සම්බන්ධ සිදුවීම් හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය සදහා විශාල බලපෑමක් එල්ල කර තිබීම ද විශේෂත්වයක්.