Search

ඔස්ට්‍රේලියාව සතුව තිබූ ගිනස් වාර්තාවක් ශ්‍රී ලංකාව ඩැහැ ගනී

ශ්‍රී ලාංකිකයෙකු නැවත වරක් ගිනස් වාර්තා පොත් අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

ඒ බ්ලැක් ස්ටාර් සෆායා සහ කැට්ස් අයි ග්‍රීන් බ්‍රෙරි යන වර්ගවල ලොව විශාලතම සහ දීප්තිමත්ම මාණික්‍ය ද්විත්වයේ හිමිකරුවා බවට පත් වීමෙනි.

ඒ අනුව මෙම බ්ලැක් ස්ටාර් සෆායා මාණික්‍යයේ බර කැරට් 3,621.35 ක් වන අතර කැට්ස් අයි ග්‍රීන් බ්‍රෙරි මාණික්‍යය කැරට් 854.95 ක බරකින් යුක්ත වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මීට පෙර ලොව විශාලතම බ්ලැක් ස්ටාර් සෆායා මාණික්‍යයේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඔස්ට්‍රේලියාව වන අතර එම මාණික්‍යය Black Star of Queensland යන නමින් හදුන්වා තිබීම ද කැපී පෙනනවා.

Black Star of Queensland නම් එම මාණික්‍යයේ බර කැරට් 733 ක් බවයි එහි දක්වා ඇත්තේ.

ගිනස් වාර්තා අතරට එක්ව සිටින ශ්‍රී ලාංකිකයා සතුව පවතින බ්ලැක් ස්ටාර් සෆායා මාණික්‍යය ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙන පසුබිමක ඔහු සතුව ඇති කැට්ස් අයි ග්‍රීන් බ්‍රෙරි මාණික්‍යය මැඩගස්කරයෙන් හමුවී තිබීම ද ව්ශේෂත්වයක්.

මෙම සුවිශේෂී මාණික්‍ය ද්විත්වයම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පමණ මුදලකට අලෙවි විය හැකි බවද වැඩිදුරටත් සදහන්.