Search

ඔස්ට්‍රේලියානුවන්ගේ සතියක වැටුප ගැන නවතම හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නියුතු පුද්ගලයන්ගේ වැටුප් සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශ (ABS) දත්ත වාර්තාවලට අනුව පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකු විසින් සතියකට ඩොලර් 1400 ක වැටුපක් උපයා ගන්නා බවයි.

2023 වසරේ අගෝස්තු මාසයේ සිට මධ්‍යයන සති වැටුප් ඩොලර් 1300 සිට ඩොලර් 1396 දක්වා ඉහළ ගොස් ඇති අතර එම අගය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 7.4% ක් බවයි එම වාර්තා මගින් අවධාරණය කෙරෙන්නේ.

අර්ධ කාලීන රැකියාවල නිරතවන සේවකයන්ගේ සතියක මධ්‍යයන වැටුප ඩොලර් 691 ක් ලෙස සටහන් ව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර ඔස්ට්‍රේලියානු සේවිකාවන්ගේ සතියක මධ්‍යයන වැටුප ද ඉහළ ගොස් තිබෙන බවයි ABS දත්ත වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු සේවකයන් විසින් සේවිකාවන්ට සාපේක්ෂව සතියකට දළ වශයෙන් ඩොලර් 377 ක වැඩි වැටුපක් උපයන බව ද සදහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »