
අසාධාරණ ලෙස රක්ෂණ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පෞද්ගලික රක්ෂණ සමාගම් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් මෙලෙස රක්ෂණ ගාස්තු ඉහළ දැමීම සදහා විවිධ උපක්‍රමයන් (Phoenixing) භාවිතා කරන බවයි Commonwealth Ombudsman විසින් හදුනාගෙන තිබෙන්නේ.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය රක්ෂණ සමාගම් 29 ක් පමණ එළඹෙන වසරේදී රක්ෂණ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ෆෙඩරල් රජය විසින් මෙම අනතුරු ඇඟවීම රක්ෂණ සමාගම් වෙත නිකුත් කර තිබීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් Phoenixing කිරීම හරහා වසරක කාල සීමාවක් තුළ එහි ගාස්තු අගය 21% කින් පමණ වැඩිවී තිබුණු අතර මෙය රක්ෂණ ගාස්තු ඉහළ නැංවීමකට සමාන ක්‍රියාවක් බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් අවධාරණය කර ඇත්තේ.
රක්ෂණ සමාගම් කිහිපයක් විසින් වසර තුනක් වැනි කෙටි කාල සීමාවකදී සිය රක්ෂණ ගාස්තු 47% කින් පමණ ඉහළ දමා තිබෙන බවට පැමිණිලි ඉදිරිපත් වීමෙන් පසුව Commonwealth Ombudsman විසින් මේ සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Phoenixing ක්‍රමවේදය නීති විරෝධී ක්‍රමවේදයක් බවට පත් කිරීම සදහා ඉදිරියේ දී නව නීති හදුන්වා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් අවධාරණය කර ඇත්තේ.