![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.
Commonwealth Scientific and Industrial Research Organization (CSIRO) විසින් නිකුත් කර තිබෙන GenCost වාර්තාවට අනුව පෙන්නුම් කරන්නේ සුළං බලය සහ සූර්ය ශක්තිය භාවිතය බලශක්ති නිෂ්පාදනය සදහා ලාභදායීම ක්‍රමවේදය වන බවයි.
න්‍යෂ්ඨික බලශක්ති උත්පාදනය සෙසු බලශක්ති උත්පාදනයන්ට සාපේක්ෂව ලාභදායි නොවන බවත් ඒ සදහා වැඩි පිරිවැයක් දැරීමට ද සිදුවන බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
මේ අතර 2024 වසරේදී මෙගා වොට් පැයක් සදහා සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සදහා ඩොලර් 98 ත් ඩොලර් 150 ත් අතර මුදලක් වැය වන අතර 2030 වසර වන විට එම අගය ඩොලර් 67 ත් 137 ත් අතර පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත් න්‍යෂ්ඨික බලශක්ති උත්පාදනය වෙනුවෙන් මෙග වොට් පැයකට මේ වනවිට ඩොලර් 155 ත් 252 ත් අතර පිරිවැයක් දරන අතර කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක ලෙස හදුන්වන කුඩා න්‍යෂ්ඨික බලාගාර හරහා බලශක්ති උත්පාදනයේදී මෙගා වොට් පැයකට ඩොලර් 400 ත් 663 ත් අතර මුදලක් වැය වන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
ෆෙඩරල් රජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත න්‍යෂ්ඨික බලාගාර 7 ක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධව විපක්ෂය විසින් ඊට වැය වන පිරිවැය සම්බන්ධව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ පසුබිමක මෙම වාර්තාව නිකුත් වීම ද විශේෂත්වයක්.