සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වුණා.
දෙසැම්බර් 5 වනදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර ලකුණු 79 කට කඩුලු 4 ක් බිද හෙළීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 328 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක අගනා ලකුණු 89 ක් එක් කිරීමට සමත් වුණා.
පළමු ඉනිමේ වැඩි වාසි අත් කර ගනිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 317 ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 129 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්කම් දැක්වුවා.
ජයග්‍රහණය සදහා ලකුණු 348 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 238 පමණයි.
ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.