Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව දෛනිකව ගුවන් ගමන් වාර දෙක බැගින් ක්‍රියාත්මක වූ මෙල්බන් සහ සිංගප්පූරු ගුවන් ගමන් මාර්ගය තුළ Emirates සමාගම විසින් තවදුරටත් සිය සේවාවන් ලබාදීම නවතා දැමීමට තීරණය කර තිබෙන බවයි සදහන් වන්නේ.
2025 වසරේ මාර්තු 30 වනදා සිට අදාළ සමාගම විසින් සිංගප්පූරුව සහ මෙල්බන් අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර නවතා දැමීමට නියමිතයි.
අදාළ කාල සීමාවෙන් පසු ගුවන් ගමන් වාර සදහා ආසන වෙන් කර ගත් මගීන් වෙත ඒ සදහා වැය වූ සම්පූර්ණ මුදල නැවත ලබාදීමට Emirates සමාගම විසින් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
1996 වසරේ සිට Emirates සමාගම විසින් මෙල්බන් සහ සිංගප්පූරුව හරහා දිවෙන ගුවන් ගමන් සේවාව ක්‍රියාත්මක කර තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඒ වෙනුවන් Emirates සමාගම විසින් මෙල්බන් සිට ඩුබායි දක්වා සෘජු ගුවන් ගමන් වාර සේවාවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.