ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 190 යි ශත 51 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 181 යි ශත 12 ක් ලෙසයි.
ඒ අනුව දෙසැම්බර් 02 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 294 යි ශත 70 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 286 යි ශත 10 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 190 ක් වු අතර මේ වන විට සුළු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 312.65 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 300.09 ක් ලෙසයි.