පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 272.9 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
2023 වසරේ නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 205.3 ක් බවයි සදහන් වන්නේ.
මෙම වසරේ ඔස්තෝබර් මාසයේ මෙරට සංචාරක ආදායම සටහන් වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6 ක් ලෙසයි.
මේ අතර ගෙවුණු මාස 11 කා කාල සීමාව තුළ මෙරට සංචාරක කර්මාන්තය හරහා ඇ.ඩොලර් මිලියන 2,806.5 ක් ක ආදායමක් උපයා තිබෙනවා.
2023 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේදී එහි 56% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි සංඛ්‍යා දත්ත හරහා පෙන්නුම් කෙරෙන්නේ.
මෙම වසරේ නොවැම්බර් මාසය තුළ පමණක් මෙරටට සංචාරකයන් 184,158 ක් පැමිණ තිබෙන අතර ගෙවුණු මාස 11 ක කාලය තුළ දී ශ්‍රී ලංකවට සංචාරකයන් 1,804,873 ක් පැමිණ තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
එළඹෙන වසරේදී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව ඇ.ඩොලර් බිලියන 5 කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.