ඔස්ටේ්‍රලියා-නවසීලන්ත සංචාරක බුබුළ ලබන 19 දා සිට / Qantas වෙතින් සතියකට ගුවන් වාර 122 ක්

නිරෝධායනය වීමකින් තොරව රටවල් 02 අතර සංචාරය කිරීමට නවසීලන්ත සහ ඔස්ටේ්‍රලියා ජාතිකයන්ට ලබන 19 වනදා සිට අවස්ථාව උදාවනවා.

ඒ දෙරට අතර සංචාරක බුබුළ එදින සිට ඇති කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් අද නිල වශයෙන් නිවේදනය කිරීමත් සමගයි.

කොවිඩ් වසංගතය ඇතිවීමෙන් පසු රටවල් 02 ක් අතර සංචාරක බුබුළක් ඇතිකර එක් රටක පුරවැසියන්ට අනෙක් රටේ සංචාරය කිරීමට අවස්ථාව සැළසූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් කොරෝනා රෝග ලක්ෂණ සහිත කිසිවෙකුටත් සංචාරය සඳහා අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් නිවේදනය කලේ ලබන 19 වනදා සිට නවසීලන්තය දක්වා සතියකට ගුවන් ගමන් වාර 122 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »