Search

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

අද (09) Armstrong Creek හි Barwarre පාරේ පිහිටි ඉඩමක නවතා තිබූ Ford Ranger වර්ගයේ අළු පැහැති මෝටර් රථයක් සහ ටේලරයක් සොරකම් කර තිබෙන බවට පොලීසියට පණිවිඩයක් ලැබී තිබෙනවා.

මද වේලාවකට පසුව සොරකම් කරන ලද Ford Ranger වර්ගයේ මෝටර් රථය කළු පැහැති Subaru Liberty වර්ගයේ මෝටර් රථයක් ද සමගින් Surf Coast අධි වේගී මාර්ගයේ ධාවනය කරන ආකාරය පොලිස් නිලධාරීන් විසින් දැක තිබෙන බවයි සදහන් වන්නේ.

එහිදී පොලීසිය විසින් සොරකම් කළ Ford Ranger වර්ගයේ මෝටර් රථය නැවැත්වීමට උත්සහ කළ අතර එම අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියෙක් ඔවුන් දෙසට ධාවනය වූ Subaru Liberty වර්ගයේ මෝටර් රථයේ ගැටී සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි කාන්තාව සහ සොරාගත් Ford Ranger මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

පහරදීම අතරතුර සැකකරුවන්ට ද සුළු තුවාල සිදුවී ඇති අතර ඔවුන් ද රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »