ක්වීන්ස්ලන්ඩ් රසායනාගාරයෙන් ආසාදිත වෛරස් සාම්පල තොගයක් අතුරුදහන් වීමෙන් පසු හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස බෝවන වෛරස් සාම්පල අතුරුදහන් වීමෙන් පසු හදිසි පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් මහජන සෞඛ්‍ය විද්‍යාගාරයේ ගබඩා කර ඇති Hendra වෛරස් සාම්පල කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතුරුදන්ව ඇති වෛරස සාම්පල ආරක්ෂිතව ගබඩාවෙන් ඉවත් කර ඇත්ති යන්න පිළිබදව මෙතෙක් සොයාගෙන නැහැ.
මෙම වෛරස රසායනාගරය තුළින්ම විනාශ කර ඇති ද එසේත් නැත්නම් කවුරුන්හෝ රැගෙන ගොස් ඇතිද යන්න මෙහෙත් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙමගින් සමාජයට අවදානමක් ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් හමුව නැහැ.
ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ජෝන් ජෙරාඩ් පැවසුවේ මහජනතාව අවදානමට ලක්විය හැකි තත්වයක් ගැන වාර්තා නොවන අතර මෙය සමාජයට නිරාවරණය වී ඇත්නම් අවදානම් සහගත බවයි.