Search

වික්ටෝරියා පාසැල් ළමුන් වෙනුවෙන් හිමිවන $400 දීමනාව

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සදහා පවුල් වෙත $400 දීමනාව ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මැයි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රාන්ත අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය හරහා එක් පාසල් දරුවෙකුට ඩොලර් 400 ක ඉතුරුම් ප්‍රසාද දීමනාවක් හිමි වන බවයි දන්වා ඇත්තේ.

මෙම දීමනාව සදහා සුදුසුකම් සපුරා ඇති පවුල් වෙත ඊ මේල් පණිවිඩයක් හරහා ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරන බවත් සුදුසුකම් ලැබූ රාජ්‍ය පාසල්වල දරුවන්ට මෙන්ම රාජ්‍ය නොවන පාසල්වල තෝරාගත් දරුවන්ට ද මෙම ගෙවීම සිදුකරනු ඇති.

2025 අධ්‍යයන වර්ෂය සදහා සුදුසුකම් සපුරා ඇති දරුවන් වෙත හිමි වන ඩොලර් 400 ක දීමනාව භාවිතා කරන ආකාරය සම්බන්ධව තීරණය කිරීමට පවුල් වලට අවස්ථාව ලබාදී තිබෙනවා.

විශේෂයෙන් පාසල් නිල ඇදුම්, පෙළ පොත්, අධ්‍යාපන චාරිකා සහ ක්‍රීඩා වැඩසටහන් සදහා මෙම ගෙවීමෙන් හිමිවන මුදල් භාවිතා කිරීමට අවකාශය හිමිවන බවයි දක්වා ඇත්තේ.

ඇස්තමේන්තු කර ඇති ආකාරයට පාසල් සිසුන් 70,000 කට පමණ මෙම දීමනාව හරහා ප්‍රතිලාභ හිමි වන අතර පාසල් යන වයසේ පසුවන දරුවන් තිදෙනෙකු සිටින පවුලකට ඩොලර් 1200 ක මුදලක් හිමිවීම ද විශේෂත්වයක්.

පෙළ පොත් සහ පාසල් නිල ඇදුම් සදහා මෙම දීමනාව භාවිතා කිරීමට අපේක්ෂා කරන පවුල් 2025 ජූනි 30 ට පෙර එම මුදල් භාවිතා කර යුතු අතර භාවිතා නොකරන මුදල් ස්වයංක්‍රීයව අදාල දරුවන්ගේ පාසල් ගිණුම වෙත බැර වන බවයි සදහන් වන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »