ක්වීන්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් වෙනස් කර ඇති මෙම නිවාස නීති හරහා පළමු වරට නිවසක් මිළදී ගන්නා ප්‍රාන්ත වැසියන්ට අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් නව නිවසේ කාමර කිහිපයක් කුලියට දීමට අවස්ථාව සලසා දී ඇතැයි සදහන් වනවා.
මෙම නීති සංශෝධනය හරහා ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට පළමු නිවාස මිළදී ගැනීමේදී ඇතිවන පීඩනය අවම වන බවයි දැක්වෙන්නේ.
මීට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියෙකු තමා විසින් මිළදී ගත් පළමු නිවාසයේ කාමර කුලියට දීමක් සිදුකර තිබුණේ නම් ඔහුට ප්‍රාන්ත රජය විසින් ලබදෙන මුද්දර තීරු බදු සහන වැනි ප්‍රතිලාභයන් අහිමි වීම සිදු වුණා.
මේ හරහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නිවාස හිමියන් 20,000 කට පමණ ප්‍රතිලාභ හිමිවන බවයි අපේක්ෂා කෙරෙන්නේ.
මෙම නව නීති මේ සතියේ ප්‍රාන්ත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත වීම ද විශේෂත්වයක්.