Search

සිඩ්නි ප්‍රසිද්ධ ගෝල්ෆ් පිටියක් Public Park එකක් වෙයි

සිඩ්නි Moore Park හි ගෝල්ෆ් පිටියේ කොටසක් මහජන උද්‍යානයක් බවට පත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත රජයේ තීරණයට අනුව ගෝල්ෆ් පිටියේ හෙක්ටයාර් 20 ක පමණ භූමි ප්‍රමාණයක් ඉදිරියේදී උද්‍යානයක් බවට පත් කිරීමට නියමිත බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රාන්ත රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ගෝල්ෆ් ක්‍රීඩකයන් සිය විරෝධය ප්‍රකාශ කර තිබීම ද කැපී පෙනෙනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ කාල සීමාව වනවිට Moore Park හි ප්‍රතිසංස්කරණය සිදු විය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය වෙත වැසියන්ගෙන් විවිධ ප්‍රතිචාර ඉදිරිපත් වී තිබෙනවා.

එම ප්‍රතිචාරවලට අනුව 55% ක් පමණ ගෝල්ෆ් පිටිය ඒ අයුරින්ම තැබිය යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර 30% ක පිරිසක් සදහන් කර ඇත්තේ එය් විනෝදාස්වාදය ගෙන දෙන ස්ථානයක් බවට පත් කළ යුතු බවයි.

මේ අතර මෙම ගෝල්ෆ් පිටිය මහජන උද්‍යානයක් බවට පත් කිරීම නිවැරදි තීරණයක් බවයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් විසින් අවධාරණය කර ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »