Search

සංක්‍රමණිකයන්ට වැඩියෙන් PR දෙන්න ඔස්ට්‍රේලියා විපක්ෂය සැරසෙයි

ඉදිරි මැතිවරණයෙන් පසුව තමන් බලයට පත් වුවහොත් කම්කරු රජයේ ශුද්ධ සංක්‍රමණ සීමාව ඉවත් කරන බවට විපක්ෂ නායක Peter Dutton විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ හරහා කම්කරු රජයේ වසරකට ශුද්ධ සංක්‍රමණ 160,000 ක් දක්වා සීමා කිරීමේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද සදහන්.

සභාගය සතුව ජාත්‍යන්තර සිසුන් වැනි තාවකාලික සංක්‍රමණ සදහා මෙන්ම ස්ථිර සංක්‍රමණ සීමා කිරීම වෙනුවෙන් ද ඉලක්ක දෙකක් පවතින බවයි ඔවුන් දක්වා ඇත්තේ.

විපක්ෂ නායකවරයා විසින් අවධාරණය කර ඇත්තේ වසර දෙකක කාල සීමාවක් සදහා වසරකට ලබාදෙන ස්ථිර වීසා ප්‍රමාණය 185,000 සිට 140,000 දක්වා අඩු කිරීමට සැලසුම් කරන බවත් පසුව එම වීසා ප්‍රමාණය ඉහළ දැමීමට සැලසුම් සකස් කරන බවයි.

මේ අතර නොවැම්බර් මාසයේදී කම්කරු රජය විසින් ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සිය සැලසුම් ඉදිරිපත් කළ අතර ඊට සභාගය සිය විරෝධය ප්‍රකාශයට පත් කර තිබීම ද විශේෂත්වයක්.

ඒ සම්බන්ධ නව නීති සම්මත කර ගැනීම සම්බන්ධ කම්කරු රජයේ සැලසුම් අසාර්ථක වී තිබෙන පසුබිමක පසුගිය සතියේදී ආගමන (Immigration) අමාත්‍ය ටෝනි බර්ක් විසින් employer-sponsored work visas සදහා සුදුසුකම් ලත් සංශෝධිත රැකියා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »