වික්ටෝරියා රජයේ ප්‍රාන්ත පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ක්‍රමවේදය යටතේ වික්ටෝරියා ප්‍රාන්ත පාසල්වල අධ්‍යාපනය ලබන පළමු ශ්‍රේණියේ සිසුන්ට මිනිත්තු 10 ක සාක්ෂරතා තක්සේරු පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවන බවයි එහි දැක්වෙන්නේ.
අදාළ පරීක්ෂණය හරහා සාක්ෂරතා ගැටළු සහිත සිසුන් හදුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අවකාශය හිමි වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය (Australian Education Union) විසින් මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙන පසුබිමක වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් නව Phonics ක්‍රමවේදය ප්‍රාන්ත පාසැල් විෂය මාලාවට ඉදිරියේදී ඇතුළත් කිරීමට නියමිතයි.
Grattan Institute හි ජෝර්ඩානා හන්ටර් විසින් පෙන්වා දී ඇත්තේ Phonics ක්‍රමවේදය තුළින් දරුවන්ට අකුරුවල ශබ්දය හදුනා ගැනීමටත් එම අකුරු එකතු වී වචන නිර්මාණය වන ආකාරයත් ඉගෙන ගැනීමටත් උපකාරී වන බවයි.
2026 වසරේ සිට මෙම ක්‍රමවේදය සියලුම රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සදහා අනිවාර්ය වන බවයි එහි සදහන් ව ඇත්තේ.