ලොව ධනවත්ම බිලියනපතියන්ගේ මුල්ම රැකියා සම්බන්ධ වාර්තවක් නිකුත් වී තිබෙනවා.
මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ World of Statistics වෙබ් අඩවිය විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන Elon Musk විසින් බොයිලේරු කාමර පිරිසිදු කරන්නෙකු ලෙස මුලින්ම සේවය කර තිබෙනවා.
Amazon හි හිමිකාරීත්වය දරන Jeff Bezos තම මුල්ම රැකියාව ලෙස මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ කෝකිවරයෙකු ලෙස සේවය කර තිබීම ද කැපී පෙනෙනවා.
Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පළමු රැකියාව වී ඇත්තේ යන්ත්‍රෝපකරණ එකලස් කිරීමේ සේවක වෘත්තිය බවයි එහි දැක්වෙන්නේ.
මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් තම මුල්ම රැකියාව ලෙස පරිගණක වැඩසටහන් ශිල්පීයෙකු වශයෙන් කටයුතු කර තිබෙන බවයි එහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.