ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේයානුවන් මිලියනයකට වඩා වැඩි පිරිසකගේ සුභසාධක දීමනාවලට අදාළ මුදල් ප්‍රමාණය වැඩි කිරීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.
මෙම දීමනාව එළඹෙන ජනවාරි මස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන බවයි සදහන් වන්නේ.
ඉදිරි වර්ෂයට අදාළව එම දීමනා සදහා ගෙවන මුදල් 3.8% කින් ඉහළ යන බවයි එහි දක්වා ඇත්තේ.
මේ හරහා තරුණයින් සදහා ලබාදෙන දීමනා, ශිෂ්‍ය දීමනා ඇතුලු රජය විසින් ලබාදෙන සුභසාධක දීමනා රැසක් හරහා ලැබෙන මුදල් ප්‍රමාණය ඉහළ යන බවයි අනුමාන කෙරෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ මෙම ක්‍රියාමාර්ග පුද්ගල ජීවන වියදම් පාලනය සදහා ප්‍රමාණවත් නොවන බවයි.
මෙම ක්‍රියාවලියෙන් පසුව වුවද ඇතැම් ඔස්ට්‍රේලියානුවන් තවමත් දරිද්‍රතා රේඛාවේ පහලින් සිටින බවයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ (ACOSS) ප්‍රධාන විධායක නිලධාරී කැසැන්ඩ්‍රා ගෝල්ඩ් විසින් පෙන්වා දී ඇත්තේ.