Search

ලංකාවේ උත්සව සමයේ සංචරණ සීමා පැනවීමක් ???

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමක් සිදුවෙයිද නොවෙයිද යන්න පිළිබඳව මේවන විට සමාජයේ කතාබහක් ඇතිවී තිබේ.

ඒ පිළිබඳව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවය.

කෙසේ වෙතත්, ඉදිරි උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා අහඹු “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” සිදුකිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප මේ එළඹ සිටින්නේ සිංහල දමිළ අවුරුද්දට සතියකට ආසන්න කාලය තුළයි.

ගිය අවුරුද්දේ, අවුරුද්ද සමරලා මාසේ අවසානේ වෙනකොට අපිට සම්පුර්ණයෙන්ම කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන්කර ගන්න පුලුවන් වුණා ඔක්තොම්බර් මාසේ දක්වා. මේ මාසේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන අයවලුන් සඳහා බොහෝදුරට සංචරණ සීමා පැනවීමේ නම් කිසිදු බලාපොරොත්තුවක් නෑ. මේ වෙනකොට. නමුත් අහඹුලෙස ඇන්ටිජන් පරික්ෂණ කිරීමට හැකියාවක් තියෙනවා.

රටේ කොවිඩ් ආසාදිතයින් සිටිනවාද නැද්ද යන්න සොයාගැනීම සඳහා අහඹු පරීක්ෂණ විටින් විට විිවධ ප්‍රදේශවල කරනවා. ඒ අනුව මේ කාලසීමාවේදී විශේෂයෙන්ම කොළඹින් පිට පාළාත්වලට යාමේදී යම්කිසි ආකාරයක අවදානමක් තිබ්බොත් කියලා මේ ආකාරයෙන් බොහොදුරට සිදු කිරීමේ හැකියාවක් තියෙනවා.”

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »