Search

ලොව වයස්ගතම කිරිල්ලියගෙන් බිත්තරයක්

ලොව වයස්ගතම කිරිල්ලිය (wild bird) ලෙස සැලකෙන, ‘Wisdom’ බිත්තරයක් දමා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය සත්ත්ව විද්‍යාඥයින් අතර වඩාත් කතාබහක් ඇති කිරීමට හේතුව වී ඇත්තේ, කිරිල්ලියගේ වයස ආසන්න වශයෙන් අවුරුදු 74 ක් වීම නිසාවෙන්.

‘විස්ඩම්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පක්ෂියා, ‘ලේසන් ඇල්බට්‍රොස්’ (Laysan albatross) යන මුහුදු පක්ෂි විශේෂයට අයත් සත්ත්වයෙක් වනවා.

ඒ අනුව, විස්ඩම් ‘මුහුදු පක්ෂීන්ගේ රැජින’ මැයෙන් ප්‍රචලිතයි.

විදෙස් වාර්තාවන්ට අනුව, විස්ඩම් මෙලෙස බිත්තරයක් දමා ඇත්තේ වසර හතරකට පසුවයි.

හවායි දූපත් සමූහයේ උතුරු කෙළවරේ පිහිටි දූපත් අභයභූමියක් වන ‘Midway Atoll National Wildlife Refuge’ හි දී පසුගිය සතියේ මෙම නව බිත්තරය සමග ඇයව දැක තිබෙන අතර, ඇයත් සමඟ ම නව සහකරුවෙකු ද දක්නට ලැබී ඇති බව සඳහන්.

දශක ගණනාවක් තිස්සේ, විස්ඩම්ගේ එකම සහකරු වී ඇත්තේ ‘Akeakamai’ ලෙස නම් කරන ලද පක්ෂියා යි.

නමුදු එම පක්ෂියා 2021 න් පසුව දක්නට නොලැබුණු බවත් සඳහන්.

USFWS (US Fish and Wildlife Service) වාර්තාවන්ට අනුව විස්ඩම් මේ දක්වා බිත්තර 60 ක් පමණ දමා ඇත.

‘ලේසන් ඇල්බට්‍රොස්’ විශේෂ‍යෙහි ආයු කාලය අවුරුදු 12 ත් 40 ත් අතර වේ.

නමුදු ‘වර්ණවත් ප්ලාස්ටික්’ ගිල දැමීම හමුවේ මෙම පක්ෂීන් ඉක්මනින් මිය යයි.

එවන් පරිසරයක විස්ඩම් මෙතරම් කලක් ජීවත් වීම පුදුම සහගත වන බවයි ජීව විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

එමෙන්ම ඇය තව තවත් බිත්තර දැමීම ද පුදුමයට කාරණාවක් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

විස්ඩම්ව ටැග් කර ඇත්තේ, 1956 දී ඇයට වයස අවුරුදු පහක් පමණ වන විට බවයි වාර්තා වන්නේ.

‘ලේසන් ඇල්බට්‍රොස්’ විශේෂයෙහි සංසර්ග සමය ඔක්තෝබර් සහ නොවැම්බර් අතර වන බව සඳහන්.

-Monara-

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »