
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා.
දෙසැම්බර් 6 වනදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
නමුත් පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 44.1 ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාර්ක් ලකුණු 48 කට කඩුලු 6 ක් රැස් කිරීමට සමත් වුණා.
සිය පළමු ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 87.3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 337 ක් රැස් කළා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ ට්‍රැවිස් හෙඩ් පන්දු 141 කට මුහුණ දෙමින් තම කණ්ඩායම වෙනුවෙන් අගනා ලකුණු 140 ක් රැස් කිරීමට සමත් වුණා.
ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියා.
ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 157 ක් පසු පසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 36.5 ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි.
ඒ අනුව ලකුණු 19 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දු වාර 3. 2 ක් තුළ එම ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණා.
තරග 1 – 1 ක් ලෙස සම තත්වයේ පවතින තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 14 වනදා බ්‍රිස්බන් හීදී ආරම්භ වීමට නියමිතයි.