Search

ඔස්ට්‍රේලියාවට නැවත වරක් කතෝලික සභාවේ ජ්‍යේෂ්ඨ තනතුරක්

මෙල්බන් හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) කාදිනල් තනතුර දක්වා උසස් කර තිබෙනවා.

අද (08) වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා හීදී අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ විසින් මෙම උසස් වීම ලබා දී තිබෙන බවයි සදහන් වන්නේ.

යුක්‍රේන සම්භවයක් සහිත මයිකොලා බයිචොක් පසුගිය වසරේ සිදු වූ ජෝර්ජ් පෙල්ගේ අභාවයෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් පත්වූ පළමු කාදිනල්වරයා ලෙසයි සැලකෙන්නේ.

44 වන වියේ පසුවන රදගුරු බයිචොක්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උසස් වීම් ප්‍රදානය කළ කාදිනල්වරුන් 21 දෙනා අතරින් ලාබාලතමයා ලෙසයි හැදින්වෙන්නේ.

නව කාදිනල් තනතුර හරහා දැනට ක්‍රියාත්මක වන යුක්‍රේන යුද්ධය සම්බන්ධව ජනතාව දැනුවත් කරන බවට ඔහු විසින් ප්‍රතිඥා දී තිබෙනවා.

කතෝලික පල්ලිය තුළ පාප්තුමාට පසුව එන ජ්‍යේෂ්ඨතම තනතුර වන්නේ කාදිනල් ධූරය වීම ද විශේෂත්වයක්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »