Search

යළිත් වෙනස් වූ නිවාස නීති නිසා ප්‍රාන්තයක නිවාස හිමියන්‍ට විශේෂ වාසියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස නීති යළිත් වෙනස් වී තිබෙනවා.

ක්වීන්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් වෙනස් කර ඇති මෙම නිවාස නීති හරහා පළමු වරට නිවසක් මිළදී ගන්නා ප්‍රාන්ත වැසියන්ට අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් නව නිවසේ කාමර කිහිපයක් කුලියට දීමට අවස්ථාව සලසා දී ඇතැයි සදහන් වනවා.

මෙම නීති සංශෝධනය හරහා ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට පළමු නිවාස මිළදී ගැනීමේදී ඇතිවන පීඩනය අවම වන බවයි දැක්වෙන්නේ.

මීට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියෙකු තමා විසින් මිළදී ගත් පළමු නිවාසයේ කාමර කුලියට දීමක් සිදුකර තිබුණේ නම් ඔහුට ප්‍රාන්ත රජය විසින් ලබදෙන මුද්දර තීරු බදු සහන වැනි ප්‍රතිලාභයන් අහිමි වීම සිදු වුණා.

මේ හරහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නිවාස හිමියන් 20,000 කට පමණ ප්‍රතිලාභ හිමිවන බවයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම නව නීති මේ සතියේ ප්‍රාන්ත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත වීම ද විශේෂත්වයක්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »