Search

මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලාංකික සිසුන් වාර්තා අතරට

මෙල්බර්න් විශ්ව විද්‍යාලය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලය වන අතර සෑම වසරකම ලොව පුරා රටවල් 160 කින් විදෙස් සිසුන් 60,000 කට වැඩි පිරිසක් පැමිණෙන බව විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන් මෙල්බන් විශ්ව විද්‍යාලය තෝරා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති  අධ්‍යනයකට අනුව  ජීවත් වීමට, වැඩ කිරීමට සහ ඉගෙනීමට ලෝව ආරක්ෂිතම සහ මිත්‍රශීලී නගරවලින් එකක් ලෙසයි මෙල්බන් හදුනාගෙන ඇත්තේ.

මෙම වසරේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 350කට අධික බවයි වාර්තා වන්නේ.

මෙල්බන් විශ්වවිද්‍යාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන් බොහෝ දෙනෙක් ශිෂ්‍ය සමාජවලට සම්බන්ධ වී සංගීතය, සංස්කෘතික හා ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීමෙන් සහ ජාත්‍යන්තර ආහාරපානවල නියැලීමෙන්

විශ්ව විද්‍යාල ජේෂ්ඨ  ප්‍රජාවට සම්බන්ධව සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකිකයින්ට මෙල්බන් විශ්ව විද්‍යාලය සදහා ඇතුලත්වීමට නම් අවම වශයෙන් අ.පො.ස උසස් පෙළ විභායට සමත්විය යුතු අතර ඉංග්‍රීසි නිපුණත්වය ද අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස සදහන්.

මෙල්බන් විශ්වවිද්‍යාලය ඔස්ට්‍රේලියාවේ හොදම අංක එකේ විශ්වවිද්‍යාලය වන අතර ලෝක ශ්‍රේණිගත කිරීමේ මෙල්බන් විශ්වවිද්‍යාලයට හිමිවන්නේ 8වන ස්ථානයයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »