ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව පූර්ව වසංගත තත්වයට වඩා බෙහෙවින් අඩු බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.
පුර්ව වසංගත මට්ටමට වඩා මේ වන විට ශුද්ධ සංක්‍රමණිකයින්ගේ 82000ක් පමණ අඩු බවයි වාර්තා වන්නේ.
වසංගතයට පෙර අපේක්ෂා කළ සංක්‍රමණ මට්ටමට තවමත් ළඟා වීමට නොහැකි වූ බවයි ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ.
Covid 19 වසංගත තවයට පෙර, 2025 වන විට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණය 300,000 ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබුණා.
නමුත් සංක්‍රමණ කේන්ද්‍රස්ථානයේ අධ්‍යක්ෂ ඇලන් ගැම්ලන්ගේ නායකත්වයෙන් යුත් අධ්‍යයනයකින් හෙළි වූයේ ශුද්ධ විදේශ සංක්‍රමණය තවමත් එම සංඛ්‍යාවට වඩා 82,000 කින් අඩු විය හැකි බවයි.
Gamlen විසින් 2013 සිට 2019 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛන භාවිතා කරමින් ශුද්ධ විදේශ සංක්‍රමණයේ වර්ධනයේ ප්‍රක්ෂේපනයක් නිර්මාණය කර තිබුණා.
ඊට සාපේක්ෂව 2019 සිට 2024 දක්වා ඔස්ට්‍රේලියාවේ ජනගහනයට 168,000 කට වඩා අඩු පිරිසක් එකතු වී ඇති බවයි සොයාගෙන ඇත්තේ.
ශුද්ධ සංක්‍රමණය යනු ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සහ පිටවන අය අතර වෙනස වන අතර වසංගත තත්වයට පෙර වසර පහහමාරක කාලය තුළ සංක්‍රමණ චලනයන් මිලියන 15.1 ක අගයක පැවතියා.
වර්තමානට වන විට එය මිලියන 1.2 කින් අඩු වී ඇති බව සදහන්.
තවද 2024 ජුනි වන විට වසරකට සංක්‍රමණ 510,000 සිට 375,000 දක්වා පහත හෙලීමට ඇල්බනීස් රජය අපේක්ෂා කළද 2023 දී ශුද්ධ විදේශ සංක්‍රමණය වාර්තාගත පුද්ගලයින් 550,000 ක් ඔස්ට්‍රේලියාවට පැමිණියා.