Search

දින 4කට ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවේ වාර්තාවක් තබයි

දෙසැම්බර් මස ගත වූ මුල් දෙන 4ට ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 24000කට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ දෙසැම්බන් 4 වන විට ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 828,831 (දහ අට ලක්ෂ විසි අටදහස් අටසිය තිස් එකක්).

සෑම වසරකම දෙසැම්බර් මස ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ශනය ඉහළ මට්ටමක පවතින බැවින් මෙවර ද සංචාරක වාර්තා අභිබවා යනු ඇතැයි විචාරකයින් පවසනවා.

ඒ අනුව මෙම මස ගතවු මුල් දින 4 සදහා ඔස්ට්‍රේලියානු සංචාරකයින් 1177ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙවර ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ හිමිවන්නේ 6වන ස්ථානයයි.

එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළම අගයක් බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංචාරකයින් 77641 ක් මේ වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙවර විශේෂත්වය වන්නේ දෙසැම්බර් මස ගතවූ මුල් දින 4 තුළ වැඩිම සචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වීමද විශේෂත්වයක්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »