Search

මෙවර නත්තලට මෙල්බන් හි විශාලතම නත්තල් ගස් 7ක්

මේ වසරේ මෙල්බර්න් හි දීප්තිමත් මෙන්ම විශාල නත්තල් ගස් 7 ක් දැක ගැනීමේ හැකියාව පවතිනවා.

නගරය වටා ඇවිදින්න මෙන්ම මෙම උස නත්තල් ගස් දැක ගැනීමට අවස්ථාව මෙවර හිමිවනවා.

දිදුලන ආලෝක සංදර්ශනවල සිට විස්මිත සැරසිලි දක්වා, මෙල්බර්න් හි නත්තල් ගස් සොයා ගැනීමට හොඳම ස්ථාන පිළිබඳ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මෙල්බන්හි උසම නත්තල් ගසක් Fed Square

හි දැකගතහැකි අතර එහි උස මීටර් 17.5 ක් වන අතර සෑම පැය භාගයකටම වරක් නත්තල් ගස වෙනස් නාද  සහ ආලෝක සංදර්ශකයකින් බැබළෙන බැවින් බොහෝ දෙනා ඡායාරූප ගැනීමට මෙහි පැමිණෙන බව සදහන්.

Queen Victoria Market හි ද විශාල නත්තල් ගසක් දැකිය හැකියි.

 

මීට අමතර ව 333 Collins St, Crown Melbourne , Royal Arcade හි ද ආකාර්ෂණීය නත්තල් ගස් දැකගත හැකි බව සදහන්.

තවද QV Melbourne හි කුතුහලය දනවන මූර්තිමය නත්තල් ගසක් නිර්මාණය කර ඇති අතර් ඒ සදහා පලංචි 1100 ක් භාවිත කර තිබෙනවා.

Queensbridge Square හි ද ආකර්ෂණීය විශාල නත්තල් ගසක් දැක ගැනීමේ හැකියාව පවතිනවා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »