ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දැඩි හිගයක්ව පවතින රැකියා වල පුහුණු ශ්‍රමිකයින්ට ස්ථීර පදිංචිය ලබා ගැනීමේ මාර්ගය තවත් පහසු කර තිබෙනවා.
ඊයේ නිකුත් කළ නවතම වාර්තා අනුව Employer Nomination Scheme (subclass 186) වීසා යටතේ අයදුම් කරන්නන්ට මෙම වරප්‍රසාදය හිමිවනු ඇති.
මේ යටතේ වසර දෙකකට අදාළ රැකියා පලපුරුද්ද පෙන්වීමේ දි පසුගිය සියලුම සේවා යෝජකයින්ට අදාළ රැකියා කාලසීමා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනවා.
ඊට අමතර ඔවුන්ට හිමිවූ රැකියා උසස්වීම් වලට අදාළව ද ප්‍රතිලාභ කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
සේවා යෝජකයෙකු නම් කිරීම වෙනුවට අයදුම්කරුවන්ට මින් ඉදිරියේදි පැවරෙන්නේ ඔවුන්ගේ රැකියා පුහුණු පලපුරුද්ද ඉදිරිපත් කිරීමයි.
මෙතෙක් (TSMIT)Temporary Skilled Migration Income Threshold ලෙස හදුන්වපු ක්‍රමය වෙනස් වනවා එය Core Skills Income Threshold (CSIT) ලෙස වෙනස් වනු ඇති.
මෙහි මුදල වෙනස් නොවන අතර මේ යටතේ ශ්‍රමිකයින්ට වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 73,150ක වැටුපක් හිමිවනු ඇති.
අයදුම් පත් ඉදිරිපත් කිරීමේ දි ඔවුන්ගේ උපරිම වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුයි.
2019 වසරේ සිට ක්‍රියාත්මක නොකරන ලද Regional Sponsored Migration Scheme (subclass 187) සීමා තවදුරටත් බලපැවැත්වෙනු ඇති.