ෆෙඩරල් රජය විසින් පෞද්ගලික තොරතුරු ලබා දීමකින් තොරව පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි නව ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
මෙය පුද්ගල අනන්‍යතාවය තහවුරු කරන දත්ත වංචාවන් වැලැක්වීම වෙනුවෙන් නිර්මාණය කළ ලොව පළමු සැලසුම බවයි සදහන් වන්නේ.
2024 වසරේදී පමණක් මෙවැනි අපරාධ ක්‍රියාකාරකම් 527 ක් පමණ සිදුවී තිබෙන බවද වාර්තා වනවා.
“Trust Exchange” නමින් හදුන්වනු ලබන මෙම ඩිජිටල් හැදුනුම් පත් ක්‍රමවේදය බ්‍රිස්බන් හි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක දී පළමු වරට මෙම ක්‍රමවේදය භාවිතා කර තිබෙන අතර මේ හරහා ඉදිරියේදී ලේඛණ අවශ්‍යතා ද සීමා වනු ඇතැයි අනුමාන කරනවා.
මෙම ක්‍රමවේදය හරහා ඉදිරියේදී ඔස්ට්‍රේලියානුවන්ට myGov wallet සමග සම්බන්ධ වී තම අනන්‍යතාවය තහවුරු කිරීමට ද අවකාශය හිමි වන බවයි සදහන් වන්නේ.
දැනට වෛද්‍ය සේවා සපයන පාර්ශ්වයන් සදහා මෙම ක්‍රමවේදය යොදා ගැනීමට අපේක්ෂා කරන නමුත් ඉදිරියේදී බැංකු, දේපළ වෙළදාම් නියෝජිතයින් සහ හෝටල් මෙම ක්‍රමවේදය සමග සම්බන්ධ වනු ඇතැයි රජය විසින් විශ්වාස කරන බව ද සදහන්.