
වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම දත්ත පල කර ඇත්තේ Melbourne Victoria වෙබ් අඩවියේ වීම ද විශේෂත්වයක්.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් 72.7% ක් තමන්ට ඉතා හොදින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි බවට ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් 4.6% ක් සදහන් කර ඇත්තේ ඔවුන්ට ඉතා හොදින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය නොහැකි බවයි.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් 22.4% ක් ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිතා කිරීම ද කැපී පෙනෙනවා.

ප්‍රාන්තය තුළ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම ඉහල මට්ටමක පවතින බව මෙම දත්ත හරහා පෙන්නුම් කරන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.