එළබෙන බොක්සිං දිනයේදී (Boxing Day) ආරම්භ වීමට නියමිත ඉන්දු – ඕස්ට්‍රේලියා සිව් වන ටෙස්ට් තරගයට සමගාමිව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් විශේෂ සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දෙසැම්බර් 26 වනදා මෙල්බන් හීදී ආරම්භ වීමට නියමිත මෙම තරගය සදහා ඉහල ප්‍රේක්ෂක සහභාගිත්වයක් පෙන්නුම් කරන අතර ප්‍රාන්ත රජය විසින් ඊට සමගාමීව විශේෂ සැණකෙළියක් ද පැවැත්වීමට නියමිතයි.
Boxing Day ටෙස්ට් තරගයේ පළමු දින තුන කේන්ද්‍ර කරගෙන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) අසල උද්‍යානය තුළ පැවැත්වීමට නියමිත මෙම සැණකෙළිය සදහා විශේෂ බොලිවුඩ් නර්තනාංග, විශේෂ සුපවේදීන් රැසක් සහාභාගී වන සුපවේදී වැඩසටහන්, විවිධ වර්ගයේ ආහාර අලෙවි කරන ජංගම වෙළද සැල් සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා නිර්මාණය කළ ස්ථාන ඇතුලු තවත් විශේෂාංග රැසක් අන්තර්ගත වන බවයි සදහන් වන්නේ.
මෙවර Boxing Day ටෙස්ට් තරගය උද්යෝගිමත් එකක් වන බවත් ඒ හරහා ඉන්දියාව අතර සබදතා ද ශක්තිමත් වන බවයි ප්‍රාන්ත ක්‍රීඩා හා ප්‍රධාන ඉසව් අමාත්‍ය ( Sport and Major Events Minister) Steve Dimopoulos විසින් සදහන් කර ඇත්තේ.
තරගය සජීවීව නැරඹීම සදහා දහස් සංඛ්‍යාත ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බැවින් ප්‍රවේශ පත්‍රවලින් 10% කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගනු ඇතැයි උපකල්පනය කරනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නික් හොක්ලි විසින් අවධාරණය කර ඇත්තේ Boxing Day ටෙස්ට් තරගය ලොව පුරා ප්‍රේක්ෂකයන් අතර පිළිගැනීමක් සහිත ටෙස්ට් තරගයක් බවයි.