Search

200m ලෝක වාර්තාවක් බිඳ දැමීම‍ට ඔස්ට්‍රේලියානු පාසල් සිසුවෙක් අද සමත් වුණා

වසර 56කට පසු ඔස්ටේලියාවේ ජාතික පිරිමි මීටර් 200 ධාවන තරගාවලියක වාර්තා බිද දැමීමට ක්වින්ස්ලන්ඩ් හි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු අද සමත් වුණා.

Gout Gout නම් මෙම සිසුවා ඔස්ට්‍රේලියානු සමස්ත පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වයස අවුරුදු 18න් පහළ මීටර් 200 පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයේදී තත්පර 20.04ක කාලයක් වාර්තා කිරීමත් සමග මෙම වාර්තාව පිහිටුවා තිබුණා‍.

මීට පෙර පීටර් නෝමන් සතුව තිබූ (1968) තත්පර 20.06 වාර්තාව ඒ අනුව බිද දැමීමට Gout Gout සමත්වුණා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Gout Gout සදහන් කළේ “මම එම වාර්තාව හඹා යමින් සිටියෙමි, නමුත් මම හිතුවේ නැහැ එය මේ වසරේ පැමිණේවි කියා. “මම හිතුවෙ සමහරවිට ලබන අවුරුද්දෙ හරි ඊට පස්සෙ අවුරුද්දෙ හරි එයි කියලා.”

මීට පෙර 200m ගවුට් ගේ හොඳම කාලය සටහන් වුණේ තත්පර 20.29 ක් ලෙසයි.

මීටර් 100 ඉසව්වේ 10.17 ක කාලයක් වාර්තා කරමින් ජාතික පිරිමි වයස අවුරුදු 18 න් පහළ වාර්තාවක් පිහිටුවීමට ගවුට් ඊයේ සමත් වුණා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »