Search

දින 17කට පසු Woolworths හිස්වූ රාක්ක යළි පිරෙයි

දින 17 පුරා Woolworth සුපිරි වෙළදසැල් ජාලයට අනුබද්ධ බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සේවකයන් විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් වී තිබෙනවා.

1500 ක පමණ සේවක සහභාගීත්වයෙන් ඉකුත් දා ආරම්භ වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හරහා Woolworths සුපිරි වෙළදසැල් ජාලයේ බෙදාහැරීමේ ක්‍රියාවලියට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම සම්බන්ධයෙන් එක්සත් කම්කරු සංගමය (UWU) විසින් සදහන් කර ඇත්තේ Woolworths සේවකයන්ගේ වැඩ කරන වේගය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම නවත්වා දමන බවත් සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදිමට සමාගම විසින් තීරණය කිරීමත් යන කරුණු සලකා බැලීමෙන් පසුව ඔවුන් මෙම තීරණයට එළඹුණු බවයි.

සමාගම් බලධාරීන් විසින් අදාල ගැටළු සම්බන්ධයෙන් මීට පෙර නිසි අවධානය යොමු කළා නම් ඉක්මනින් දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට ඉඩකඩ තිබුණු බවයි එක්සත් කම්කරු සංගමයේ (UWU) හි ලේකම් ටිම් කෙනඩි විසින් අවධාරණය කර ඇත්තේ.

Woolworths සුපිරි වෙළදසැල් ජාලය ගණනය කර ඇති ආකාරයට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 50 ක පමණ විකුණුම් ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »