Search

නත්තල Plan කරන ඔස්ට්‍රේලියානුවන්ට කාළගුණය බාධා වෙයි

මෙම වසරේ උණුසුම් කාළගුණයක් සහිත නත්තල් දිනයක් සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කර ඇත්තේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවස්ථාවට සාපේක්ෂව නත්තල් දින බොහෝ ප්‍රදේශ වල සෙල්සියස් අංශක 28
ඉක්මවා උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නත්තල් දින වැඩිම උෂ්ණත්වයක් සිඩ්නි වලින් වාර්තා කරන අතර මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 දක්වා ඉහළ යනු ඇතැයි සදහන්.

ඇඩිලේඩ් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක් දක්වා ඉහළ මට්ටමක් අපේක්ෂා කළ හැකි අතර
පර්ත් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වා ඉහළ මට්ටමකට ළඟා වනු ඇති බවයි වාර්තා වන්නේ.

තවද බ්‍රිස්බන් හි නතතල් දින උෂ්ණත්වය 27C දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර නත්තල් දිනය බොහෝ දුරට අව්ව සහිත තත්වයන් සමඟ 28C දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කැන්බරා හි නත්තල් දිනය සෙල්සියස් අංශක 28 ක් සහ හෝබාට් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 දක්වා ඉහළ යනු ඇති බව සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »