Search

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට එන විදෙස් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2025 වසරේ දී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

විශේෂයෙන් Student Visa ප්‍රමාදයන් ඇතිවීම වැළැක්වීම සඳහා ඉක්මනින් අංග සම්පූර්ණ ශිෂ්‍ය වීසා අයදුම්පත ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

විදෙස් සිසුන් ImmiAccount හරහා ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන විට ඔබට අවශ්‍ය සහය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකියි.

අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කළ හැකි අතර ප්‍රමාද වනු ඇති බව ද සදහන්.

ඒ අනුව නිවැරදි ලෙස Student Visa අයදුම් කිරීමේ ක්‍රමවේද පිළිබද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මූලිකවම ආරම්භක දිනය සමග ලියාපදිංචි විය යුතු අතර ඔබ පාඨමාලාව ආරම්භක දිනය ගෙවී ගොස් ඇති නම් නව පාඨමාලා ආරම්භක දිනය සමග යාවත්කාලීන වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

තවද සියලුම ලියකියවිලි වල පරිවර්ථන පිටපත් ලබා දියයුතු බව ද සදහන්.
එම පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම් එයද visa ප්‍රතික්ශේප වීම සදහා හේතු වනු ඇති.

මීට අමතර උපන්දිනය ලිවීමේ ආකෘති, සෞඛ්‍ය වාර්තා, වයස අවුරුදු 18ට අඩු විදෙස් සිසුවෙක් නම් අමතර තොරතුරු ඉදිරිපත් කළ යුතුයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »