නත්තල් සමය ආරම්භ වීමට පෙර වෙළදපොලේ විකිණීමට තිබූ තවත් භාණ්ඩ දෙකක් නැවත කැදවීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස නැවත කැදවීමට තීරණය කළ භාණ්ඩ අතර Booktopia වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අලෙවි කරන ලද Jishaku Game Box සහ Treat Me විසින් විසින් නිකුත් කළ Halloween light-up fairy floss bucket වන බවයි සදහන් කර ඇත්තේ.
Jishaku Game Box හි අන්තර්ගතව පවතින චුම්බකයන් කුඩා දරුවන් විසින් මුඛය තුළට දමාගැනීම හේතුවෙන් ඒ හරහා ඔවුන්ට ඇති විය හැකි අනතුරුදායක තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ හරහා කුඩා දරුවන්ගේ ශරීර අභ්‍යන්තරයේ බරපතල තුවාල ඇති විය හැකි අතර එම චුම්බක උගුරේ හිරවීම ද ඉතාමත් භයානක බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මේ අතර Treat Me විසින් විසින් නිකුත් කළ Halloween light-up fairy floss bucket හි අන්තර්ගත බොත්තම් සහ කාසි හැඩති බැටරි කුඩා දරුවන්ට අහිතකර වීම හේතුවෙන් එය මෙලෙස නැවත කැදවීමට තීරණය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
එහි මේ සම්බන්ධව සිදුකළ යුතු අනතුරු ඇඟවීමේ තොරතුරු ද නිසි පරිදි ඇතුලත් නොවී තිබෙන බවයි සදහන් වන්නේ.