Search

අද සිට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් සෑම නිවසකටම ඩොලර් 350ක් ‍දෙයි

අද සිට එක් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් සෑම නිවසකටම ඩොලර් 350ක් බැගින් නව ඉතිරියක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බටහිට ඔස්ට්‍රේලියාව විසින් අද සිට සෑම නිවසකටම ඔවුන්ගේ මීළඟ විදුලි බිලෙන් ඩොලර් 350ක සහනාධාරයක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ප්‍රාන්ත රජයේ විදුලි සහනාධාර ගෙවීම් යටතේ ඩොලර් 700 ක ගෘහ විදුලි ණය වාරිකයේ මීළඟ වාරිකය මෙම සති අන්තයේ සිට ලබා දීම ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

ඩොලර් 350 ක වාරිකය දෙසැම්බර් 7 වැනිදා සිට Synergy සහ Horizon බිල්පත් සඳහා යෙදවීමට නියමිතයි.

අවශ්‍ය කුටුම්භවලට බලශක්ති ආධාර ගෙවීම සහ යැපෙන ළමා වට්ටම හරහා අමතර විදුලි බිල්පත් සහන ලබා ගත හැකි බවයි.

මේ සදහා දැනටමත් ලියාපදිංචි නොවුණු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ජනතාව ලබන ජනවාරි 31 වනදාට පෙර තම අයදුම්පත් යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ජීවන වියදම හමුවේ පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට මෙලෙස සහනාධාරයක් ලබා දෙන එකම ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව වීම ද විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »