Search

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති වල අද නිකුත් කල නවතම වෙනස්කම්

අද දින සිට (දෙසැම්බර් 07) ඔස්ට්‍රේලියාවේ නිපුණතා වීසා වැඩසටහනේ වෙනස්කම් රැසක් හදුන්වා දී තිබෙනවා.

පැවති නිපුණතා වීසා වෙනුවට නවීකරණය කරන ලද නිපුණතා වෘත්තීය ලැයිස්තුවක් සහ New Skills in Demand (SID) වීසා බලපත්‍රයක් ඊට ඇතුළත් කර තිබෙනවා.

Core Skills Occupation List (CSOL) සදහා පසුගිය දා නව රැකියා රැසක් එනම් රැකියා 456ක් හදුන්වා දෙනු ලැබුවා.

ඉදිකිරීම්
සයිබර් ආරක්ෂාව
කෘෂිකර්මාන්තය
සෞඛ්‍ය
යන ක්ශ්‍රේත්‍ර රැසක් පදනම් වූ රැකියා රැසක් එහිදි එළිදැක්වුණා.

ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙදපොල පදනම් ව මෙම රැකියා ලැයිස්තුවේ ඉදිරිපත් කළ අතර පවතින ශ්‍රම හිගයට විසදුමක් වනු ඇති බවයි සදහන් කර ඇත්තේ.

TSS (Temporary Skill Shortage Visa) වීසා සදහා නව අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 6 වනදායින් අවසන් වූ අතර දැනට එවා ඇති අයදුම් පත් සළකා බැලීමක් සිදු කෙරෙන අතර මින් ඉදිරියට TSS වීසා සදහා එන ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වනු ඇති.

දැනට TSS වීසා බලපත්‍ර ලාභීන් සඳහා විධිවිධාන කිහිපයක් හදුන්වා දී ඇති අතර TSS වීසා හිමියන්ට තවමත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි අතර ඒ සදහා සුදුසුකම් සපුරා තිබිය යුතුයි.

ඒ අනුව අද සිට TSS විසා කාණ්ඩය වෙනුවට Skills in Demand විසා බලපත්‍රය ආදේශ වනු ඇති.

Skills in Demand Visa (subclass 482)  කාණ්ඩය

Core Skills Stream / Specialist Skills stream / Labour agreement stream / Subsequent entrant යන කාණ්ඩ 4 ඔස්සේ අයදුම් කළ හැකියි.

තවද Core Skills Stream / Specialist Skills stream / Labour agreement stream අංශ යටතේ වසර 4ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටිය හැකි අතර ඒ සදහා වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් 3,115.00ක්.

Subsequent entrant සදහා වන වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් 3,115.00ක් වන අතර ඔබේ වීසා බලපතය වලංගු වන තාක් කල් ඔබට රැඳී සිටිය හැකියි.

 

 

 

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »