ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය මඟින් අවන්හල් තුළ සහ උත්සව ඇතුළු පොදු අවස්ථාවල ගව මස් පරිභෝජනය තහනම් කර තිබෙනවා.
මෙය පන්සල් වැනි ඇතැම් ආගමික ස්ථාන අසල ගව මස් විකිණීම තහනම් කරමින් පනවන ලද පෙර නීතිය ම පුළුල් කිරීමක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
නමුත් ගව මස් තවමත් ප්‍රාන්තයේ වෙළඳසැල්වලින් මිලදී ගත හැකි අතර නිවාස තුළ හෝ පෞද්ගලික ආයතන තුළ ආහාරයට ගත හැකි බව සඳහන්.
රට තුළ ජනගහනයෙන් සියයට 80 ක් වන හින්දු භක්තිකයන් විසින් ගවයින් ගෞරවයට පාත්‍ර කරන බැවින් ගව මස් පරිභෝජනය ඉන්දියාවේ සංවේදී ප්‍රශ්නයක් ලෙසයි වාර්තා වන්නේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රාන්ත කිහිපයක (ඇසෑම් ද ඇතුළුව) මෑත වසරවලදී ගව ඝාතනය දැඩි ලෙස මර්දනය කර තිබෙනවා.
එමෙන්ම භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් තුනෙන් දෙකක් පමණ ගව ඝාතනය සහ මස් පරිභෝජනය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ඇති බව සදහන්.
ඇසෑම් ප්‍රාන්තයේ සාමාන්‍යයෙන් ගව මස් අනුභව නොකරන හින්දු, ජෛන සහ සීක් ජාතිකයන් ජීවත් වන ප්‍රදේශවල ගවමස් විකිණීම 2021 දී තහනම් කර තිබෙනවා.
පන්සල් අසල ගව මස් විකිණීම ද එම නීතියෙන් තහනම් වුණා.