Search

Boxing Day සමගාමිව එක් ඔස්ට්‍රේලියානුවෙකුගෙ වියදම ගැන අනාවැකියක්

Boxing දිනයේදී ඔස්ටේ‍රලියානුවන් වාර්තාගත ලෙස ඔන්ලයින් මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට අනාවැකි පළ කර තිබෙනවා.

ආයතන ගණනාවක් සිය භාණ්ඩ වෙනුවෙන් සියයට 80 දක්වා වූ වට්ටම් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

Boxing Day හිදී ඔස්ට්‍රේලියා ජාතිකයන් සිය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිලදී ගන්නා බව රීටේලර්ස් ඇසෝෂියේෂන් පෙන්වා දෙනවා.

මෙවර Boxing Day භාණ්ඩ අලෙවි වටිනාකම ඩොලර් බිලියන 23 ඉක්මවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එය පසුගිය වසර හා සැසඳීමේදී සැළකිය යුතු ඉහළයාමක් වන අතර සාමාන්‍යයෙන් Boxing දිනයේදී එක් ඔස්ට්‍රේලියානුවෙක් වියදම් කරනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් 557 ක්.

Boxing දිනයේ ඇඳුම් සහ විද්‍යුත් උපකරණ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති බව සඳහන්.

ආර්ථික අර්බුදය හේතුවෙන් නත්තල් තෑගි සඳහා වැඩි වශයෙන් මුදල් වැය නොකර, තම අවශ්‍යතාවලට Boxing දිනයේදී ඔස්ට්‍රේලියානුවන් බොහෝ මුදල් වැයකරනු ඇති බවයි, රීටේලර්ස් ඇසෝෂියේෂන් පවසන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »