Search

වික්ටෝරියාවෙන් PR ගත් අය ගැන අලුත්ම වාර්තාවක්

පසුගිය මූල්‍ය වර්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයට ස්ථීර පදිංචිය සදහා පැමිණි මුලු සංක්‍රමණිකයින් සංඛ්‍යාව ගැන වාර්තාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 2023-24 මූල්‍ය වර්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණි මුලු සංක්‍රමණිකයින් සංඛ්‍යාව 50146ක්

එම පිරිස අතුරින් වැඩි ප්‍රමාණයක් Skill වීසා යටතේ පැමිණ ඇති අතර එහි සංඛ්‍යාත්මක අගය 33994ක්.

අනෙක් පිරිස ඔස්ට්‍රේලියාවේ PR සදහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ Family Visa කාණ්ඩ යටතේයි.

Skill විසා යටතේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණි සංක්‍රමණිකයින් අතුරින් වැඩි දෙනෙක් Employer Sponsored visa යටතේ පැමිණ ඇති අතර එම අගය 9453ක්.

මීළගට Skilled Independent විසා යටතේ වික්ටෝරියා වෙත පැමිණි පිරිස 7763ක්.

PR සදහා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණි සංක්‍රමණිකයින් පිළිවෙලින් Regional, state nominated, Business Innovation සහ Global Talent Visa වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »