සුඛෝපභෝගී වෙළඳ නාම වලින් ඔස්ට්‍රේලියාවේ ලාභදායි මෝටර් රථ පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් අතර මෝටර් රථ මිලදී ගැනීමේ දී Sport Car වෙත වැඩි නැඹුරුතාවක් දක්වන අතර ඔස්ට්‍රේලියාවේ බොහෝ Sport වර්ගයේ මෝටර් රථ දැරිය හැකි සීමාවෙන් පිටත පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔස්ට්රේලියාවේ දි මිලදී ගත හැකි ලාභම නව Sport මෝටර් රථ 10 ෆෙඩරල් මෝටර් රථ කර්මාන්ත මණ්ඩලය (FCAI) විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.
විකුණුම් දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලාභදායිම Sport මෝටර් රථය ලෙස Mazda Mx -5 හදුන්වන අතර එහි වටිනාකම ඩොලර් 48190ක්.
Mazda Mx -5 යනු මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ මෙන්ම ලාභදායිම Sport මෝටර් රථය ලෙස සදහන්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන Subaru BRZ sport මෝටර් රථය නම් කර ඇති අතර එහි විකුණුම් මිල ඩොලර් 47822ක්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන Toyota GR86 මෝටර් රථය නම් කර ඇති අතර එහි විකුණුම් මිල ඩොලර් 48035ක් ලෙස සදහන්.
මෙම ශ්‍රේණිගත කිරීම වාහන විකුණුම් හි සංඛ්‍යාත්මක අගය මත පදනම් වූවක් වන අතර එම විකුණුම් අගයන් පහත පරිදි වේ.
Mazda MX-5 $46,190
Subaru BRZ $47,822
Toyota GR86 $48,035
Mini Cooper Convertible $57,746
Ford Mustang $74,452
Nissan Z $82,278
BMW 2 Series Coupe $86,558
Toyota Supra $94,378
Audi A5 Coupe $102,019
BMW Z4 $110,634