Search

මෙල්බන් ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද සුළිකුණාටු අවදානමක්

දින ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවට පැවති උෂ්ණ අධික කාළගුණය ක්‍රමයෙන් මෙම සතිඅන්තයේ පහව යනු ඇතැයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පලකර තිබෙනවා.

උෂ්ණත්වය පහව ගියත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ප්‍රදේශ කිහිපයකට දරුණු සුළි කුණාටු සහ හදිසි ගංවතුර ඇතිවීමේ හැකියාව පිළිබඳව ද එහිදි අනතුරු ඇඟවීමක් කර තිබුණා.

කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) කාලගුණ විද්‍යාඥ Sarah Scully අනතුරු ඇඟවා ඇත්තේ අද (7) අලුයම සහ උදෑසන දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

විශේෂයෙන් නිව් සවුත් වේල්ස් සහ දකුණු ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියා හි බටහිර කලාප යන ප්‍රදේශවලට දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂාපතනයන් සමග, තද සුළං ,අකුණු ගැසීම් ඇතිවියහැකි බැවින් ජනතාව මේ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස සදහන්.

සිඩ්නි, මෙල්බන් ,ඇඩිලේඩ් සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල දරුණු කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් තිබෙන බවටයි අනතුරු අගවා ඇත්තේ.

සුළිකුණාටු සහ ගංවතුර සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් වැසියන් නිරතුරු කාළගුණ නිවේදන සමග යාවත්කාලීන වන ලෙස දැනුම් දෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »