Search

ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විද‍ෙස් සංචාර යන්න කලින් Update වෙන්න

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු  දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

 

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ එසේ දැනුම් දීමෙන් ඔබගේ නව විදේශ ගමන් බලපත්‍රය ඔබගේ වීසා බලපත්‍රය හෝ අයදුම්පත්‍රයට සම්බන්ද කළ හැකි බවයි.

 

ඔබගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය ලබා දීමෙන් පසු ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් ලැබී ඇත්නම් ඔබේ තොරතුරු අදාළ පද්ධතියට ඇතුලත් වන බව වැඩිදුරටත් සඳහන්.

 

ඔබ සංචාරය කිරීමට පෙර මෙය නොකරන්නේ නම් ඔබට යළි ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කිරීමේදී ප්‍රමාදයන් අත්විඳිය හැකි බව වැඩිදුරටත් දන්වා තිබෙනවා.

 

මෙය සියලුම ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට සහ අයදුම්කරුවන්ට අදාළ වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

ඔබ විදේශයක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ නම් හෝ ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වුවද මෙම නව ක්‍රමවේදයට යටත්විය යුතු බව සඳහන්.

 

ඔබගේ ImmiAccount වෙත ප්‍රවේශ වීමෙන් විදේශ ගමන් බලපත්‍ර විස්තර පහසුවෙන් යාවත්කාලීන කළ හැකි අතර බොහෝ යාවත්කාලීන කිරීම් ක්ෂණිකව සිදු කෙරෙන බව දැනුම් දෙනවා.

 

මෙය ඔබගේ විදේශ ගමන් සැලසුම් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලසන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »