Search

සඳ ගමන ප්‍රමාදයි NASA ආයතනයෙන් නිවේදනයක්

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවයි.

මීට අමතරව 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්.

මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවයි.

පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »