Search

ශෙමාරා වික්‍රමනායක සිව්වන වරටත් ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප ලබන CEO වෙයි

2024 වසරේ වැඩිම වැටුප් ලබන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරින් අතර පළමු තැනට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් තේරි පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනෙක් පිළිබද වාර්තාවක් The Australian Financial Review විසින් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ශෙමාරා වික්‍රමනායක ඩොලර් මිලියන 29.4ක ඉහළ වැටුපක් ලබමින් එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

එම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට ඇතුළත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 4ක්.

ශෙමාරා වික්‍රමනායක මෙලෙස ඔස්ට්‍රේලියාවේ ඉහල වැටුප් ලබන CEO බවට පත්වූ හතරවන අවස්ථාව මෙයයි.

AFR වාර්තා වලට අනුව, වසර හයක කාලය තුළ ඇයගේ මුළු වැටුප ඩොලර් මිලියන 300 කට ආසන්න බවටයි සදහන් වනනේ.

ඇය බ්‍රිතාන්‍යයේ උපත ලබා ඇති අතර ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙක්.

ඇයට වයස 14 දී ඇය සිය දෙමාපියන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »