Queen Of The World Sri Lanka 2024 තරගාවලිය පසුගිය නොවැම්බර් 16 වනදා ශ්‍රී ලංකාවේ දි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
අංශ කිහිපයක් යටතේ ශ්‍රී ලාංකීය නිරූපන ශිල්පිනියන් එහිදි කිරුළු පැළදි අතර Mrs. World කිරුළ සදහා අවසන් වටයට නිරූපන ශිල්පිනියන් 10 දෙනෙකු සුදුසුකම් ලැබ තිබුණා.
මෙහි විශේෂත්වය Mrs. World අංශයෙන් තරග වැදි දැනට මෙල්බන් හි පදිංචි චතුරි චන්ද්‍රසිරි එම අංශයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමයි.
දෙදරු මවක් වන ඇය 2014 වසරේ දී ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ තිබෙනවා.
චතුරි චන්ද්‍රසිරි වෘත්තිමය වශයෙන් නිරූපන ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවක් නොවන බවයි AusLankaTv සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ දි ඇය සදහන් කළේ.
කාලයක සිට ඇයට තිබූ ආෂාව හේතුවෙන් ඇය මෙම තරගයට සහභාගි වූ බවත් ඉදියේදි ඒ පිළිබද හදාරා තමන් ලද ජයග්‍රහනයෙන් මෙම ක්ෂේත්‍රයට සේවයක් කිරීමට අපේක්ෂා කරන බව ඇය ප්‍රකාශ කළා.