ඔස්ට්‍රේලියාවේ seafood Lover පාරිභෝගිකයින් සදහා මෙවර උත්සව සමය වඩාත් ලාභදායි වන බව ඔස්ට්‍රේලියා seafood industry විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව seafood Lover පාරිභෝගිකයිට මෙවර අඩු මිලට වැඩි ප්‍රමිතියෙන් යුත් ඉස්සන් මිලදීගත හැකි බවයි
ඔස්ට්‍රේලියා seafood industry ප්‍රධාන විධායක, වෙරෝනිකා පැපකොස්ටා පැවසුවේ.
විශේෂයෙන් මෙල්බර්න් හි පාරිභෝගිකයින්ට මෙම වසරේ ඉස්සන් සදහා වැය වන මුදල ඩොලර් 10 ත් 20 ත් අතර මුදලකිම් ඉතිරි කර ගත හැකි බව ද සදහන්.
ඉස්සන් සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් කිලෝවක් මේ වන විට ඩොලර් 29.99 ත් ඩොලර් 35 ත් අතර අගයකට අලෙවි වන බවයි.
තවද විශාල ප්‍රමාණයේ ඉස්සන් කිලෝවක් ඩොලර් 40 සිට $ 50 දක්වා ආසන්න විය හැකි අතර, පසුගිය වසරේ මෙම කාලසීමව තුළ ඉස්සන් කිලෝවක මිල ඩොලර් 60 සිට ඩොලර් 65 දක්වා අගයක් ගැනුණා.
කෙසේ වෙතත් මිල අඩු කිරීමෙන් ආහාරවල ගුණාත්මකභාවයට කිසිදු හානියක් සිදුකර නොමැති බවද ඔස්ට්‍රේලියා seafood ආයතනය සදහන් කර තිබුණා.
සුපිරි වෙළඳසැලේ, අන්තර්ජාල වෙබ් අඩවි මගින්
උසස් තත්ත්වයේ නිෂ්පාදන බහුල වශයෙන් ලබා ගත හැකි අතර මෙවර උත්සව සමයේ මුහුදු ආහාර කර්මාන්තය වාර්තාගත ලාභයක් අපේක්ෂා කරනු ඇති බව සදහන්.