නත්තලට සමගාමීව පවුල් සඳහා විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කර තිබෙනවා.
Salvation Army කණ්ඩායම් මගින් නත්තල් දින කිහිපය තුළ නත්තල් කැරොල් ප්‍රසංග රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
තවද නත්තලට සමගාමීව ආලෝක කරනයන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අංගයක් වන අතර වික්ටෝරියා ප්‍රාන්තය විසින් මෙවර නත්තලට විදුලි ආලෝකයන් සිදුකළයුතු ආකාරය ගැන මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙනවා.
නත්තලට විදුලි පහන් එල්ලීම සරල බවක් පෙනුන ද එය සංකීර්ණ අභියෝගාත්මක දෙයක් බව අවධානරණ කර ඇති අතර ප්‍රධාන අංශ 4ක් යටතේ අවධානය යොමුකළ යුතු බව සදහන්.
ඒ අනුව අවදානම අවම වන පරිදි විදුලි ආලෝක සිදු කිරීම, සුපරීක්ෂාකාරී සැලසුම් කිරීම, කාලය සහ ඒ සදහා යොදවන අවදානය මෙන්ම විදුලි බල්ල එල්ලීමේ දී තාක්ෂණික කරුණු යන ප්‍රධාන අංගයන් ගැන අවදානය දෙන ලෙසයි ප්‍රාන්ත රජය ජනතාවට දැනුම් දෙන්නේ.
තවද ආලෝකයන් සදහා හැකිතාක් LED විදුලි පහන් භාවිතා කරන ලෙස නිර්දේශ කර කරන අතර එය බලශක්ති-කාර්යක්ෂමතාව, දිගුකාලීන සහ ආර්ථිකයටත් වාසිසහගත වබ බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
නත්තලට සමගාමී උත්සව සැණකෙලි රැසක් වික්ටෝරියා ප්‍රාන්තයේ සංවිධානය කර ඇති අතර ඒ සෑම උත්සවයක් සදහා ආලෝක කරණය ප්‍රධාන අංගයක් වන අතර ආරක්‍ෂාවට මුල්තැන දෙමින් එම කටයුතු සිදු කරන ලෙස ප්‍රාන්ත රජය උපදෙස් ලබා දෙනවා.